සාමාන්‍යයෙන් අපේ රටේ තරුණ තරුණියෝ උත්සහ කරන්නේ වයස අවුරුදු 20 ක් වෙනකොට උපාධි පාඨමාලාවක් හදාරන්න පටන් ගන්න. නමුත් මේ විදියට හිතන එක සමපූර්ණයෙන්ම වෙනස් කරන්න කාලය දැන් හරි. අපේ රටේ බුද්ධිමත් තරුණ තරුණියෝ හිතන්න ඕනේ කොහොමද වයස අවුරුදු 21 ක් වෙන කොට සාමාන්‍ය උපාධිය ඉවර කරලා පස්චාත් උපාධියක් හදාරන්න පටන් ගන්නේ කියල. ඒ කියන්නේ MSc එකක් MBA එකක් වගේ සුදුසුකමක් . ඒකට ප්‍රධාන හේතුව තමයි ලෝකේ අනිත් රටවල වයස අවුරුදු 22 ක් වෙන්නත කලින් පස්චාත් උපාධියත් ඉවර කරන්න පුළුවන් විදියට විශ්ව විද්‍යාල පද්දතිය නවීකරණය වෙලා තිබීම.
ඉතින් PCJT කරන අපේ තරුණ තරුණියෝ මේ අභියෝගය ජය අරගෙන. PCJT කරපු අපේ තරුණ තරුණියන්ට පස්චාත් උපාධිය කරන්න පටන් ගන්න වයස අවුරුදු 20 ටත් පෙර වරම් උද වෙලා. අඩු වයසින් වැඩි අද්‍යපනික සුදුසුකම් ලබන්න හිතාගෙන ඉන්න දක්ෂ තරුණ තරුණියන්ට PCJT කියන්නේ තෝතැන්නක්.
ශ්‍රේණි ගතකිරීම් අනුව ඉතා ඉහල මට්ටමේ විදේශීය විශ්ව විද්‍යාල PCJT සුදුසුකම තියෙන මෘදුකාංග ඉංජිනේරුවන්ට පස්චාත් උපාධි ලබා දෙන්න දැන් ඉදිරිපත් වෙලා

Saturday, July 2, 2011

PCJT වලින් පසු වයස 21 දී එක්සත් රාජධානියේ වේල්ස් විශ්ව විද්‍යාලයේ MBA එක අවසන් කරන පමෝද් සනාතන

අඩු වයසින් උසස් අධ්‍යාපනයේ නිම්හිම් සොයා යෑමට උත්සහ කිරීම වර්තමාන සමාජයේ සිසු පරපුර අතර නව ප්‍රවණතාවයක් බවට පත්ව ඇත. බොහෝ දරුවන් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන්, උසස් පෙළට ප්‍රවිශ්ඨ නොවී නව ලොවට ගැලපෙන විෂය ක්ෂේත්‍රයන් ඔස්සේ ඉහල අභිමාතාර්ථ සාක්ෂාත් කර ගැනීමට පෙළ ගැසී සිටිති. මීට ප්‍රධාන හේතු දෙකක් වේ. 

1.   වයස 16 දී සාමාන්‍ය පෙළ සමත්වෙන තරුණයෙකු රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධිය අවසන් කරන විට වයස 24 ක් වීම. එනම් වසර 8 ක් වැනි දිගු කාලයක් ගතවීම. නමුත් වයස 19 වන විට අනුබද්ද විශ්ව විද්‍යාලයකින් උපාධිය ලැබීමට හැකියාව අද ශ්‍රී ලංකාවේ තරුණ පරපුරටද අවස්ථාව උදාවි ඇත. එම තරුණයින්ගේ ජිවිතයේ වටිනාම අවුරුදු පහක් වැනි කාලයක් ඉතිරිවිමෙන් ඔවුන් රජයේ විශ්ව විද්‍යාල සිසුන්ට සාපේක්ෂව ඇති විශාල ලෙස ජීවිත ජයග්‍රහණ ලබා ගැනීමට සමත්වී සිටි. 

2.   වසරකට උසස්පෙළ සඳහා ඉදිරිපත් වෙන තරුණයින් ලක්ෂ 2 කින් එක් ලක්ෂ අසු දහකටම විශ්ව විද්‍යාල වරම් නොලැබීම. 
   අප කල සමීක්ෂණ වලදී හෙළිවන පැහැදිලි කරුණක් වන්නේ සාමාන්‍ය පෙලින් පසු උසස් පෙලට ඇතුල්වෙන සිසුන්ගෙන් 50% කට අධික පිරිසකට රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමට අදහසක් නැති බවයි. උසස් පෙලට ඉදිරිපත්ව රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් නොවෙන තරුණ පරපුරට තම අනාගතය සුරක්ෂිත කර ගැනීම සඳහා කිසිඳු ක්‍රමවත් වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාව තුල මෙතෙක් සකස් වී නොමැති බව අප කවුරුත් දන්නා කරුණකි. එබැවින් එවැනි තරුණයින් සාමාන්‍ය පෙලින් පසු අන්තර්ජාතික මට්ටමේ උපාධි පාඨමාලා සඳහා ශ්‍රී ලංකාව තුලදී   යොමු වීම ආර්ථික වශයෙන් රටට ඉතාම ලාභදායි පියවරක් වනු ඇත. 

ඒ සමගම මෙසේ විශ්ව විද්‍යාල වලට යාමට වරම් නොලබන පිරිසට උපාධි ලබා දෙන අනුබද්ද විශ්ව විද්‍යාල රැසක්ද මෙරට බිහිවී ඇත. අඩු වයසින් ‍එලෙස උපාධි ලබා ගන්නා තරුණයින් හට  ශ්‍රී ලංකාව තුල මෙන්ම ජාත්‍යන්තරයේ පවතින ඉල්ලුම ඉහල යමින් පවතී. ඒ නිසාවෙන් ශ්‍රී ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල වල උපාධි ලබන සිසුන්ට පවතින්නේ දැඩි තරඟයකි. රජයේ විශ්ව විද්‍යාල සිසුන් උපාධිය අවසන් කරන විට සාමාන්‍ය පෙලින් පසු උපාධි ලබන තරුණ පිරිස වසර 5 ක වෘතිමය අත්දැකීම සපුරා ගැනීමට සමත්ව තිබේ. එපමණක් නොව සමහර සිසුන් වයස 22 සපිරෙන විට තම පශ්චාත් උපාධිය එනම් MSc හෝ MBA උපාධි නිම කෙරෙනු ඇත. තවද මෙසේ අඩු වයසින් උපාධි හා පශ්චාත් උපාධි ලබන පිරිස විශේෂයෙන් යොමු වන්නේ රැකියා වෙළද පොලේ වැඩි ඉල්ලුමක් සහිත නවීන තාක්ෂණික විෂයන් කරා වීම සුවිශේෂ ලක්ෂණයකි. 

මේ හේතු නිසා උසස්පෙළ වැඩිම ලකුණු ලබමින් රජයේ විශ්ව විද්‍යාල වලට තේරෙන බුද්ධිමත්ම තරුණ පරපුර අඩු වයසින් වැඩි සුදුසුකම් සපුරන හා රජයේ විශ්ව විද්‍යාල වලට නොතේරී උපාධි ලබන තරුණ පරපුර ඉදිරියේදී පසුබෑමකට ලක් වීම වැළැක්විය නොහැකිය. නමුත් රටක් හැටියට සලකු කල මෙය ඉතාම ධනාත්මක ප්‍රවණතාවයකි. රටකට අවශ්‍ය වැඩිපුර උපාධිදාරීන් ය. ඔවුන් උපාධි ලබන්නේ රජයේ විශ්ව විද්යලයකින්ද නැතිනම් පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් ද යන්න රටක් හැටියට වැදගත් නොවේ. 

පාසල් අද්‍යාපනය නිම කරන සිසුන්ගෙන් කුමන ප්‍රතිශතයක් විශ්ව විද්‍යාල උපාධි ලබනවාද යන්න රටක සංවර්ධනය මැනීමේ ඒකකයකි. ශ්‍රී ලංකාවේ උසස්පෙළ සමත්වෙන පිරිසෙන් 10% ක් පමණක් උපාධි ලබති. මෙම ප්‍රතිශතය 50% ක් දක්වා වැඩි කරගැනීම අධි වේගයකින් කලයුතු කාලය දැන් එළඹ තිබේ. මෙය රාජ්‍ය අංශයට පමණක් තනිව කල හැකි දෙයක් නොවෙන බව පසුගිය වසර 60 තුල මනාව පිළිබිඹු ක‍ර තිබේ.  ශ්‍රී ලංකාවේ මෙතෙක්  බිහිකර ඇති විශ්ව විද්‍යාල සංඛ්‍යාව 14 ක් පමණි. මේ සඳහා වසර 60 කට වැඩි කාලයක් ගතව ඇත. මින් උසස්පෙළට පෙනී සිටින සිසුන් ලක්ෂ 2 කෙන් 20,000 කට පමණක් උපාධි ලබා දීමට හැකියාව ඇත. ලක්ෂ දෙකටම උපදී ලබා දීමට විශ්ව විද්‍යාල 140 ක් අවශ්‍ය වනු ඇත. නව විශ්ව විද්‍යාල බිහිකිරීම සිදු වන්නේ මේ පවතින වේගය මතම නම් මේ සඳහා තවත් වසර 600 ක් ගතවනු ඇත. 

වෛද්‍ය ඉංජිනේරු නීති හා පරිගණක යන උපධි අපේක්ෂකයින් ලෙස තේරී විශ්වවිද්‍යාලයට ඇතුල් වන්නේ ඉතාම සුළු පිරිසකි. මොවුනට රැකියා සුරක්ෂිත භාවයක් තිබේ. නමුත් බහුතරයක් වෙන උපාධිධාරින්ට සුදුසු රැකියාවක් ලබා ගැනීමට නිසි ක්‍රමවේදයක් ද ශ්‍රී ලංකාව තුල දක්නට නොමැත. අනෙකුත් උපාධිදාරීන් සඳහා විශ්ව විද්‍යාලවලදී ලැබෙන දුර්වල ඉංග්‍රීසි දැනුමත් පරිගණක දැනුමත් හා වෘතිමය හැකියාවත් හේතුකොටගෙන පෞද්ගලික අංශයේ රැකියා ලබා ගැනීමද ඉතාම අපහසු තත්වයක් උද්ගතවී ඇත.  මේ සියලු තත්වයන් හොඳින් අවබෝද කරගෙන තම වයස 22 සපිරිමටත් පෙර තම  MBA  පස්චාත් උපාධිය ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින දක්ෂ තරුණයෙකි ප්‍රමෝද් සනාතන. 
G.D පමෝද් සනාතන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අවසන් කරනු ලැබුවේ 2007 වසරේදීයි. ඉන් අනතුරුව ඔහු පිවිසියේ වෘත්තීය අධ්‍යාපනය සඳහායි. ඒ 2008 වසරේදීයි. බේරුවල ප්‍රදේශයේ පදිංචි පමෝද් පවුලේ එකම දරුවා වන්නේය. ඔහුගේ පියා බහරේන් රාජ්‍යයේ රැකියාවේ නිරත අතර පමෝද් ජීවත් වන්නේ තම මව සහ ලොකු අම්මා සමඟයි. මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මොහු සාමාන්‍ය පෙළ විභාගය B-3, C-4 සහ S-2 ලබා ගැනීමට සමත් විය.
සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ඔබ ඔබ‍ෙග් පාසැල් යහළුවන් මෙන් උසස් පෙළ විභාගයට පෙනී නොසිටියේ ඇයි ?
"සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ අවුරුදු දෙකක් උසස් පෙළ විභාගයට මහන්සි වෙන්න ඕනේ. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගියොත් තවත් වසර 04 ක් එහි ඉඳලා තමයි උපාධිය ගන්න වෙන්නේ. එතකොට ඒ කාලය වෙනත් අධ්‍යාපන කටයුත්තක් සඳහා වෙන් කරන්න බැරි වෙනවා. ඒ හේතුව තමයි මම උසස් පෙළ සඳහා අවතීර්ණ නොවෙන්න හේතු වුණේ. මට ඕනෑ කළේ මගේ ළඟ තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න."

උසස් පෙළ නොකර වෘත්තීය අධ්‍යාපන සඳහා යොමුවෙන්න බය හිතුණේ නැද්ද ?
"ගොඩක් අය එක එක කතා කිව්වා. කොහොමත් සම්ප්‍රදායෙන් ඔබ්බට ගියාම, ඔය විදිහේ කතා අනන්ත අප්‍රමාණව අහන්න වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. A/L නොකර වෘත්තීය අධ්‍යාපනයට යොමුවුණා කියලා මට බය හිතුණේ නැහැ. ඒකට මට ගෙදරින් ප්‍රශ්න ආවෙත් නැහැ. ඒගොල්ලෝ මගේ තීරණයට කැමති වුණා."
IJTS ආයතනය ගැන දැන ගත්තේ කොහොමද ?

"මගේ ලොකු අම්මා එය‍ාගේ යාළුවෙක් මාර්ගයෙන් මේ ආයතනය ගැන දැන ගත්ත නිසා තමයි IJTS ආයතනයට මට එන්න ලැබුණේ. ඒ 2008 වසරේදීයි. 2009 වසරේ නොවැම්බර් මාසයේදී මම Software Engineer කෙනෙකු ලෙස උපාධි ලබා ගත්තා."

එතැනින් නොනැවතුණු පමෝද් මේ වනවිට එංගලන්තයේ වේල්ස් විශ්වවිද්‍යාලයේ MBA හෙවත් පශ්චාත් උපාධිය ලබා ගැනීම සඳහා සුදානම් වෙයි. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලකින් පශ්චාත් උපාධියක් ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගතවෙයි. එමෙන්ම සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමවේදය  තුළ පශ්චාත් උපාධියක් ලබා ගැනීමට බොහෝ විට වයස අවුරුදු 30 ඉක්මවයි. ඊට හේතුවන්නේ බොහෝ පිරිස් උපාධිය ලබා ගත් සැනින් රැකියා පෝලිමට එක්වීමයි. ඊට ප්‍රධාන හේතුව ඔවුන් උපාධිය අවසන් කරන විට වයස් 24 ඉක්මවා තිබීමයි. ඒ නිසා ඔවුන්ගේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ ඉක්මනින් රැකියාවක් සොයා ගැනීමයි. රැකියාවක් ලැබී ස්ථාවර මට්ටමකට පත් වීමෙන් පසුවයි ඔවුන් නැවතත් අධ්‍යාපනය හැදෑරීමට සැලසුම් කරන්නේ. එවිට තරුණ වයසින් තවත් කොටසක් ගෙවී ඇත. දේශීය සහ ජාත්‍යන්තර අධ්‍යාපන පද්ධතිය තුළ පවතින වෙනස මෙයයි. O/L විභාගයෙන් පාසල් අධ්‍යාපන හමාර කළ පමෝද් වැනි තරුණයෙකු උපාධියක් ලබා ගැනීම සහ එය පශ්චාත් උපාධියක් දක්වා වර්ධනය කර ගැනීම අභියෝගයකි. ඔහුට එවැනි අවස්ථාවක් උදාවූයේ IJTS ආයතනයට පිවිසීමෙනි. ඒ ඔස්සේ ඔහු තවත් ඉදිරියට යෑමට වෙර දරමින් සිටියි. පශ්චාත් උපාධි ලබා ගත් බොහෝදෙනා ශ්‍රී ලංකාවේ සිටින්නේය. පමෝද්ගේ කතාවෙහි ඇති වැදගත්කම වන්නේ O/L විභාගයට පමණක් පෙනී සිටිමින් ඔහු MBA උපාධිය ලබා ගැනීමට සැරසීමයි. අන් කරුණ නම් වයස අවුරුදු 22 ටත් පෙර ඒ අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීමයි.

තවත් වසර එකහමාරකින් පමෝද් සනාතන ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි. පමෝද්ට එංගලන්තයේ වේල්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමණාකරන අංශයේ උපධියක් ලබාගැනීම සදහා පිවිසීමට ඔහු ලග වූ එකම සුදුසුකම වූයේ IJTS ආයතනයෙන් ළබා තිබූ උපාධියයි.


ඒ තුළින් ගම්‍ය වන්නේ IJTS ආයතනයේ ඉගෙන ගන්නා සිසුන් උපාධිය සඳහා අවශ්‍ය Credits සම්පුර්ණ කල විට  ඇමෙරිකාවේ Chamber of Chartered Java Professionals International    ආයතනය මගින් පිරිනමන වෘතිමය උපාධි සහතිකය ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් හැදෑරීම සදහා සුදුසුකමක් යන්නයි. ප්‍රමෝද් ඉගෙන ගන්නා වේල්ස් විශ්ව විද්‍යාලය එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාල ශ්‍රේණි ගත කිරීම් අනුව 40 වන ස්ථානයේ තිබීම විශේෂ ලක්ෂණයක්. මෙය ශ්‍රී ලංකාවේ අනුබද්දව උපාධි ලබාදෙන විශ්ව විද්‍යාල අතරින් ප්‍රමුඛතම ස්ථානයේ තිබෙන විශ්ව විද්‍යාලය වීම තවත් සුවිශේෂ ලක්ෂණයක්. 


ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වූ පෞද්ගලික අධ්‍යාපන ආයතන ශ්‍රී ලංකාවේ පවතින්නේ අල්ප වශයෙනි. උපාධියක වැදගත්කම පවතින්නේ ඒ තුළින් ගැඹුරට අධ්‍යාපනය හැදෑරිමට හැකිනම් පමණි. IJTS ආයතනයෙන් ලබාදෙන උපාධිය ද එවැනි උසස් ප්‍රමිතියකින් යුත් උපාධියක් වන්නේය. ඒ නිසාවෙන් පමෝද් මෙන් IJTS ආයතනයෙන් බිහිවන බොහෝ උපාධිධාරීන්ට වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රධාන සුදුසුකමක් වන්නේ ඔවුන් ලබා දෙන උපාධියයි.

IJTS ආයතනයෙන් 2009 වසරේ උපාධිය ලබා පිටවූ පමෝද් සිය යහළුවා වන බුද්ධික ප්‍රේමරත්න සමඟ එක්ව Aurora Soft නමින් පරිගණක මෘදුකාංග ආයතනයක් පවත්වා ගෙන යයි. ඔහුත් IJTS ආයතනයේ ශිෂ්‍යයෙකි. විශේෂයෙන් ඔවුන් විසින් සිදුකරනු ලැබූ ප්‍රධාන ව්‍යාපෘතියක් වන්නේ Dushan Caters ආයතනයට Web අඩවියක් නිර්මාණය කිරීමයි. Dushan Caters යනු උත්සව භාණ්ඩ සහ ආහාරපාන සපයන මෙරට ප්‍රධාන පෙළේ ආයතනයක්. බුද්ධික සහ පමෝද් එක්ව මෙම ආයතනයට ලබාදුන් පරිගණක මෘදුකාංගය පිළිබදව අදහස් දැක්වූයේ එම ආයතනයේ වෙළද කළමනාකරු පී.එල්.ආර්. නලින් මහතායි.

Dushan Caters ආයතනය උත්සව භාණ්ඩ ක්ෂේත්‍රයේ වසර 20 ක සහ ආහාරපාන සැපයී‍ෙම් වසර 10 ක පළපුරුද්දක් තිබෙනවා. අපේ ප්‍රධාන ව්‍යාපාරය තමයි Out Door CateringWedding, Home Coming සහ Get together ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් ලංකාවේ ඕනෑම තැනකට ගොස් සංවිධානය කිරීම තමයි අපේ ප්‍රධාන කාර්යය. ගෘහ භාණ්ඩ උත්සවශාලා විතරක් නොවෙයි, පාරිභෝගිකයා ඉල්ලන ආකාරයට ආහාරපාන ලබාදීමට අපි කටයුතු කරනවා. විශේෂයෙන් මහා පරිමාණයෙන් Out Door Catering අපි කරන නිසා පිඟන් භාණ්ඩ පිළිබඳ ගබඩාවක්, උත්සව භාණ්ඩ ගබඩාවක් සහ වාහන ‍12 ක් විතර ප්‍රවාහන පහසුකම් සඳහා අපි ළඟ තියෙනවා. අපි ඉලක්කයක් ඇතිවයි ඉස්සරහට තියෙන ඇණවුම් භාර ගන්නේ. ඒ නිසා අපිට දවසකට උපරිමයෙන් කරන්න පුළුවන් උත්සව සංඛ්‍යාව 05 ක්. සමහර පාරිභෝගික‍යෝ මේ අවුරුද්දේ වෙන්කර ගැනීම් කරන්නේ ලබන අවුරුද්ද සඳහායී. මීට පෙර නම් අපි කළේ පාරිභෝගිකයන් ඉල්ලපු දින ගැන සොයලා දැනුම්දෙන එක. ඒ ක්‍රමය ටිකක් කරදර වගේම, සමහර වෙලාවට පාරිභෝගිකයිනුත් අපහසුතා‍වයට පත්වෙනවා. ඒ නිසයි මේ වගේ ක්‍රමවේදයක අවශ්‍යතාවය අපිට ඇතිවුණේ. පමෝද්ලා හදලා දුන්න අළුත් Software එක හින්දා පාරිභෝගිකයා ඉල්ලුම් කරන දින පරිගණකය තුළින් ඉක්මනින් බලා ගැනීමේ හැකියාව අපිට ලැබිලා තිබෙනවා."

"සේවකයන් ලොකු ප්‍රමාණයක් යොදවලා පොත් නඩත්තු කරනවාට වඩා මෙවැනි Software එකක් තුළින් නිවැරදිව පාරිභෝගිකයාට අවශ්‍ය කරන සේවය අපිට කාර්යක්ෂමව ලබාදිය හැකියි. විශේෂයෙන් ඉස්සර හැම දෙයක්ම අතින් කරනකොට පාරිභෝගිකයාගේ සේවා ඉටු කිරීමට වැඩි කාලයක් ගත වෙනවා. නමුත් පමෝද්ලට ලොකු දක්ෂකමක් තිබුණා අපිට ඕන ‍දේ  නිර්මාණය කිරීම සම්බන්ධයෙන්. එක එක ක්ෂේත්‍රවලකට ආවේණික වෙච්ච ගැටලු තියෙනවා. අපේ ක්ෂේත්‍රයට ආවේණික ගැටළු හදුනාගෙන ඒ තැන‍ට ගැලපෙන පරිගණක මෘදුකාංගයක් නිර්මාණය කරන්න පුළුවන් දැනුමක් තිබ්බ නිසා තමයි පමෝද් සහ බුද්ධිකට මේ Software එක නිර්මාණය කරන්න අපි ලබා භාර දුන්නේ. පැහැදිලිවම අපේ අවශ්‍යතා හඳුනාගෙන ඊට අවශ්‍ය‍ ලෙස පමෝද් සහ බුද්ධික ඒ සේවාව ලබා දුන්නා. ඒ නිසා අපේ කාර්යයන් වඩාත් පහසු වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්.

ඊට අමතරව මොවුන් විසින් තවත් Software ව්‍යාපෘති 03ක් පමණ නිර්මාණය කර ඇත. විශේෂයෙන් පිටිදූවේ සිරි ධම්ම හිමියන් සඳහා නිර්මාණය කරන ලද Web අඩවිය සහ සමුදුර ආයතනයට නිර්මාණය කරන ලද පරිගණක මෘදුකාංගය මේ අතර විශේෂ වෙයි.

පමෝද් මෙවැනි උසස් තත්ත්වයකට පැමිණීමට හැකිවුයේ ඔහු IJTS ආයතනයෙන් ලබා ගත් පන්නරය නිසාවෙනි. ඒ හේතුවෙන් ඔහුට IJTS ආයතනය ගැන මෙන්ම PCJT පාඨමාලාව ගැනද කීමට දේ බොහෝය.

"IJTS කියන්නේ හොද ආයතනයක්. හොඳ ගුණගරුක පිරිසක් එහි ඉන්නවා. ඉෂාන්ත සර් මට ගොඩක් උදව් කළා. මේ ආයතනයෙන් ප්‍රසංසනීය සේවයක් ඉටු කරනවා. PCJT කියන්නේ ප්‍රායෝගික පාඨමාලාවක්. මුල් මාස 06 අපට උගන්වනවා Software එකක් නිර්මාණය කරන විදිහ. ඒ වගේම කොහොමද ව්‍යාපාර ක්ෂේත්‍රයට යොමු වන්නේ කියලත් PCJT පාඨමාලාව තුලින් අපිට කියලා දෙනවා. අපි IJTS ආයතනයේ කරපු දේවල් තමයි MBA එකේ මුල් මාස කිහිපයේ කරන්නේ. ඒ නිසා අපහසුවකින් තොරව වැඩටික ඉදිරියට කරගෙන යනවා. PCJT කියන්නේ කාලයට ඔබින නවීන දැනුමට අනුව විෂය කරුණු අලුතින් එක්වන පාඨමාලාවක් කියලා කියන්න පුළුවන්. "

පමෝද්  ඉෂාන්ත සර් ගැන මොනවද හිතන්නේ?

''ඉෂාන්ත සර් හොද ගුරුවරයෙක්. හැම වෙලාවෙම අපිට උදව් කරනවා. ඕනෑම වේලාවක අපේ ප්‍රශ්න ගිහින් කිව්වම ඒකට සර් පුළුවන් විදියට ගුරුහරුකම් දෙමින් ප්‍රශ්න විසදන්න ඕන විදිය අපිට කියලා දෙනවා. මට MBA  එක කරන්නත් සර් උදව් කළා. අපිට යන්න ඕන මාර්ගය පෙන්වන්නේ සර් තමයි. ඒ නිසා මම සර්ට සුබ පතනවා."

ඔයා වගේ O/L වලින් JAVA ගැන ඉගෙන ගන්න කැමති අයට පමෝද් මොනවද කියන්නේ?


"ඇත්තටම මට කියන්න තියෙන්නේ මේ වගේ තැනකට එන්න බයවෙන්න ඕ‍ෙන නැහැ. සමහර වේලාවට කෙනෙකුට සැකයක් ඇතිවෙන්න පුළුවන් කියන තරම් දේවල් මෙහෙ තියෙනවද කියලා. නමුත් මම කියන්නේ IJTS ආයතනයට පැමිණෙන කිසිම කෙනෙක් සැකයක් ඇති කරගත යුතු නැහැ. සැකයෙන් මේ ආයතනයට පැමිණෙන කෙනෙක් වුනත් ඔහුගේ සැකය පැය 24 කින් නැති වෙනවා ඉෂාන්ත සර් එක්ක කථා කළහම. මම කියන්නේ JAVA ඉගෙන ගන්න කැමති කෙනෙකුට තවදුරටත් කාලය නාස්ති නොකර IJTS ආයතනයට පැමිණෙන්න කියලා. මේ වගේ ආයතනයකට පැමිණියහම අපි වගේ අයට යන්න පුළුවන් දුර වැඩියි. JAVA විශේෂ කරලා ඉගෙන ගන්න ලංකාවේ තියෙන හොදම ආයතනය තමයි IJTS කියන්නේ. මේ ආයතනයෙන් ඉගෙනගෙන ඉදිරියට යන්න තියෙන අවස්ථා වැඩියි.
පමෝද් O/L විභාගයෙන් IJTS ආයතනය වෙත යොමුවූයේ, සිය මවගේ මග පෙන්වීම යටතේයි. පමෝද් සනාතන තව නොබෝ දිනකින් අඩු වයසින් ව්‍යාපාර කළමණාකරණය පිළිබද පශ්චාත් උපාධිධාරියෙකි. ඒ පිළිබද පමෝද්ගේ මව කතා කළේ සොම්නස් සහගතවයි.

‍" පමෝද් පුතා IJTS ආයතනයට යොමුකළේ, ඒ ආයතනය ගැන සම්පූර්ණ විශ්වාසය තියලා. ඒ විශ්වාසය මත පමෝද් දැන් ඉන්න තත්ත්වය ගැන මට සතුටුයි. ඉෂාන්ත සර් ඒ ගමනට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඉෂාන්ත සර් කියන්නේ ගුණ යහපත් කෙනෙක්. සර්ගේ මග පෙන්වීම නැත්නම් පමෝද් පුතාට මේ තැනට එන්න බැහැ."

පමෝද් වයස අවුරුදු 19 න්  වයසින් පශ්චාත් උපාධියක් හදාරන මෙරට පළමුවැන්නායි. එය වාර්තාවකි. ඔහු යළි යළිත් මතක් කළේ O/L විභාගයට පමණක් පෙනී සිටි තමාට පශ්චාත් උපාධියක් සදහා යාමට හැකිවූයේ IJTS ආයතනයෙන් ලබාගත් උපාධිය නිසා  බවයි.

" මම දුක් වෙන්නේ නැහැ A/L  කරලා කැම්පස් යන්න බැරි වුණාට. අද මට ඉන් එහාට යන්න පුළුවන් වෙලා තියෙනවා. අද මම Software ඉන්ජිනේරුවෙක්. නමුත් මාත් එක්ක වේල්ස් කුමර විද්‍යාලයේ ඉගෙන ගත්ත ළමයි අද කැම්පස්වල පළමු වසරේ ඉගෙන  ගන්නවා. ඒත් මම අද පශ්චාත්  උපාධියත්  ලබාගන්න සූදානම් වෙලා ඉන්නේ. ඒ නිසා එදා මම ගත්ත තීරණය ගැන අද මම ගොඩක් සතුටු වෙනවා. මම මගේ යහළුවෝ හැමෝටම කියන්නේ IJTS ආයතනයට ඇවිල්ලා තමන්ගේ අනාගතය හදාගන්න කියලා. "

වර්තමානයේ උපා‍ධියක් ලබාගැනීමට රජයේ විශ්වවිද්‍යාලයකටම  යා යුතු නැහැ. සිසු පරපුරේ අවශ්‍යතා වෙනුවෙන් එවැනි බොහෝ පෞද්ගලික උපාධි ලබාදෙන ආයතන ශ්‍රී ලංකාවේ ඇත. මේ නිසා වසර 4 කට වැඩි කාලයක් විශ්ව විද්‍යාලයේ ගත නොකර අඩු වයසින් හා අඩු කාලයකින් උපාධිය ලබාගැනීමට මෙරට සිසු පරපුරට හැකියාව පවතිනවා. විශේෂයෙන් නව ලොවක් සමග ඉදිරියට යාමට නම් අපද ඊට ගැළපෙන අධ්‍යාපනයක් ලැබිය යුතුයි. එසේ නොමැති වුවහොත් අපට සිදුවන්නේ ළිං මැඩියන් සේ ජීවත් වීමටයි. නව ලොවත් සමග ඉදිරියට යනවාද? එසේත් නැත්නම් ළිං මැඩියන් සේ ජීවත් වනවාද? තීරණය ගත යුත්තේ ඔබයි. ඒ සඳහා මාර්ගය විවරව ඇත.




   

0 comments:

Post a Comment